හීන තටාකය
එන්න බහින්න කිමිදෙන්න විඳින්න, හීන දෝරෙ ගලන තටාකයක් මේක...
Pages
හීන ගෙතුම්
හීන සිත්තම්
Sunday, November 22, 2015
උගස
කඹුරලා කාලාන්තරයක්
පොදිගහපු හීන අහුරක්
දුන්නා උගසට උඹේ අතටම
හිතේ අගහිඟ මැකෙන ගානට
තේරුම්ගියා පහු වෙනකොට
සින්නවෙන බව මටත් නොදැනිම
උඹ ඉල්ලන ගිනි පොලියට
දෙන්න තව මට හීන නැතුවට
Saturday, September 19, 2015
පොද
අඳුර එළිය අතර පැතිර
බිඳුණු පොදක සිසිල දැනුන
විසිරි සිතක පතුලෙ රැඳුන
මතක ඉපදී මැරෙන අරුම
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)