මා මලක් විය පෙති දරාගෙන
සැඩ හිරුට නෙත් අගින් හිනැහුන
නුඹ ඇවිත් සුළඟක් වගේ මට
තනිය දී පෙති තලා පොඩි කර
දුර ඈත හද අරන් ගිය සඳ
මගේ ජීවය නැතිවුනා මට
වියළි විසිරුන ලෝකයක් තුළ
වෙනත් කිසිවෙක් නැහැ ඔබම මිස
බඳින්නට සිතුවිලි හදක් නැත
නෙතක් ඇතිමුත් කඳුළු කැට නැත
සිනාවත් අමතක කරන් මට
ගියා ඔබ මුළු ලොවට රහසෙම
දැනෙයි ඔබහට හදක් මල වග
නමුදු හද මිස මා මලේ නැත
යළි යළිත් ඉපදී අතීතෙක
නැවත මියයමි වර්තමානෙක
සැඩ හිරුට නෙත් අගින් හිනැහුන
නුඹ ඇවිත් සුළඟක් වගේ මට
තනිය දී පෙති තලා පොඩි කර
දුර ඈත හද අරන් ගිය සඳ
මගේ ජීවය නැතිවුනා මට
වියළි විසිරුන ලෝකයක් තුළ
වෙනත් කිසිවෙක් නැහැ ඔබම මිස
බඳින්නට සිතුවිලි හදක් නැත
නෙතක් ඇතිමුත් කඳුළු කැට නැත
සිනාවත් අමතක කරන් මට
ගියා ඔබ මුළු ලොවට රහසෙම
දැනෙයි ඔබහට හදක් මල වග
නමුදු හද මිස මා මලේ නැත
යළි යළිත් ඉපදී අතීතෙක
නැවත මියයමි වර්තමානෙක
හීනෙකින් වත් නොහිතූ තරම්
ReplyDeleteදුර ගියා අපි, මට හිතුනා
මටම උරුමවූ ඒ තනිකම
තුනී උනා වගෙ, මට දැනුනා
මොහොත පැය විය, පැය දවස් විය
කළු අහස නිල්විය, රළු වෙරල මුදු විය
නුඹ මගෙමයි, මම නුඹේ මයි
අහස උසටම පැතුම් බැදගෙන
කට කොනින් ගීයක් කියාගෙන
මමත් ගියා ඉදිරියටම
හැරිලා බැලුවේ නැහැ, වට පිට බැලුවෙත් නැහැ
සැක කලෙත් නැහැ, බය වුනෙත් නැහැ
ආදරෙයි මම උඹට, උඹ ආදරෙයිද මට
අහන්න පිටිපස්ස හැරුනම
මෙච්චර කල්, මෙච්චර දුර
අව්ල්ල තියෙන්නේ තනියමනෙ මචං