Saturday, May 7, 2016

කල් මැරූ කාලය

වහිනකං මං උන්නා
ඇඟිලි රතු වෙනකන් ගැන්නා
ගිම්හාන කාලයට
යලි නොඑන ලෙස බැන්නා

වැහි බිංදු දුක් දුන්නා
ඒ බරට හිත රිදුනා
වස්සාන කාලයම
නෙත් මත්තෙ ඇද හැලුනා

පාලුවට කවි ගෙතුනා
ඔබට ඇහෙතැයි සිතුනා
සීතලට ගල්ගැහුන
ඔය හිතේ අද්දරම රැඳුනා

මියෙන හුස්මක රැඳෙනා
මතක ඇතිබව දැනුනා
මල් පිපෙන වසන්තය
ඔබට නොව මට මග හැරුනා
 



No comments:

Post a Comment