Friday, February 21, 2014

මනාපෙ

සිංහ වංසෙන් ආව මට
හරි අමාරුයි ඇස් පියන් ඉන්ට
අවුලන්න උඹේ ජාතික කැක්කුම
ආව මන් ගේ දොරකොඩටම

දීපන් මටත් දෙක තුනක්
පිස්සුද එහෙමත් අමතක වෙයිද බන්?
ඔව් ඔව් අපෙ සීයා ඉපදුන ගම මේක
හිටියට මං දැන් දුර ඈත කොලඹ රට
ගමේ කැක්කුම පපුවෙ පැත්තක
නිතර දෙවොලේ මෙහේ නාවට

උඹේ එකා ටවුමෙ ජාතිකේට
අපේ එකාටත් හොඳ කලක් යන්ඩ
ගමේ පාරට තාර ටික
මගේ රෝද හතර නොගෙවෙන්ට
දූෂනේට මතට තිත
හීන් අඩියක් කැන්වසින් කාලෙට

ගමේ කොල්ලන්ට ෂුවර් ජොබ් ටික
කැලේ කපන්නෙ අලුත් හෝටලේට
බොක්කෙන්ම මං ගමට වැඩ
මරණෙට පිංකමට ඕනි මගුලකට
යැව්වොත් මාව මහ සබාවට
ගොඩ තමයි ඉතිං හතර වරිගෙම
නෑ නෑ හරියට ඇහුනෙ නෑ උඹට
මං කිව්වෙ ජය මුලු ගමටම

No comments:

Post a Comment